සාමකාමීව පැවති ෆුජි කන්ද තවදුරටත් සාමකාමී නොවේ

සාමකාමීව පැවති ෆුජි කන්ද තවදුරටත් සාමකාමී නොවේ

සෑම වසරකම මිලියන ගණනක් නරඹන්නන් අධික වීම නිසා ජපානයේ ෆුජි කන්ද තවදුරටත් අතීතයේ පැවති සාමකාමී වන්දනා ස්ථානය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාත්‍රිය සහ දිවා ලෝක ප්‍රකට ගිනි කන්ද තරණය කරන කඳු නගින්නන් සංඛ්‍යාව ප්‍රමාණය ඉක්මවා පැමිණෙන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

එහි ආගමික වැදගත්කම සහ කලාකරුවන්ට එයින් ලබාගත හැකි ආභාෂය ප්‍රශංසා කරමින්, යුනෙස්කෝව 2013 දී “ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජපානයේ අංගය” ලෙසින් ලෝක උරුම ලැයිස්තුවට එක් කළා.

නමුත් බෙල්ජියමේ Bruges හෝ Rio de Janeiro හි Sugarloaf කන්ද වැනි ස්ථානවල සිදු වී ඇති පරිදි, මෙම නම් කිරීම ආශීර්වාදයක් මෙන්ම අභාග්‍යක්ද වූ බවයි ජපාන නිලධාරීන් පෙන්වා දෙන්නේ.

2012 සහ 2019 අතර නරඹන්නන් සංඛ්‍යාව මිලියන 5.1 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර එය ගිනි කන්දේ ප්‍රධාන ආරම්භක ස්ථානය වන යමනාෂි ප්‍රාන්තය සඳහා පමණයි.

ප්‍රාදේශීය නිලධාරියෙකු වන Masatake Izumi පැවසුවේ වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් ගිනි කන්ද නැරඹීමට පැමිණීම අනතුරු අවදානම වැඩි කරන බවයි.

ජනගහනය අධික වීම නිසා රාත්‍රියේදී කඳු නගින සමහර පුද්ගලයින්ට “hypothermia” වැළඳීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා.

ෆුජි කන්ද සඳහා පත්කර ඇති බලධාරීන් පසුගිය මාසයේ නිවේදනය කළේ මෙම ස්ථානයේ කාර්යබහුලත්වය දිගින් දිගටම පැවතියහොත් ඉතිහාසයේ ප්‍රථම වරට නරඹන්නන් සඳහා අවසර දීම සිමා කිරීමට සිදුවන බවයි.

 

Share This