සාම්පූර් හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එකඟතාවක්

සාම්පූර් හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එකඟතාවක්

ත්‍රිකුණාමලයේ සාම්පූර් හි මෙගාවොට් 50ක සහ මෙගාවොට් 70ක සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගම විසින් ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත ත්‍රිකුණාමලයේ සාම්පූර් හි මෙගාවොට් 50ක සහ මෙගාවොට් 70ක සූර්ය බලාගාර ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

සාම්පූර් හි ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාව විසින් හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද Trincomalee Power Company Ltd මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Share This