සාමාන්‍ය පරිදි ගෑස් මිලදී ගැනීමේ හැකියාව තවත් සති තුනකින් – ලිට්‍රෝ සභාපති (වීඩියෝ)
තවත් සති තුනකින් මහජනතාවට සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.
ප්‍රමිතිකරණ ආයතනය මඟින් ගෑස් නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිය ලබාදී ඇති අතර, මේ වන විට දෛනිකව ගෑස් සිලින්ඩර 40,000ක් ලිට්‍රෝ සමාගම වෙළඳපොළට නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ත සහ වාණිජ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමක තවමත් ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැදී සිටිනවා.