සැක කටයුතු “සුදු පැහැති ද්‍රව්‍යයක්” නිසා ධවල මන්දිරයේ පරීක්ෂණයක්

සැක කටයුතු “සුදු පැහැති ද්‍රව්‍යයක්” නිසා ධවල මන්දිරයේ පරීක්ෂණයක්

ධවල මන්දිරයේ හදිසි ඉවත් කිරීමක් සිදුකරමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ආරක්ෂිත ගොඩනැගිල්ලක තිබී සුදු පැහැති ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව එක්සත් ජනපද රහස් සේවය සඳහන් කරනවා

එම ද්‍රව්‍ය කොකේන්දැයි යන්න සොයා ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

මෙම ද්‍රව්‍යය සොයා ගන්නා විට ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පවුලේ අය කැම්ප් ඩේවිඩ් නිවසේ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වැඩ කරන ප්‍රදේශයක් තුළ රහස් සේවා නිලධාරීන් විසින් සුදු පැහැති ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසු ධවල මන්දිර සංකීර්ණය වසා දැමූ බව රහස් සේවා ප්‍රකාශක Anthony Guglielmi BBC පුවත් සේවය වෙතද පවසා තිබෙනවා

වැඩිදුරටත් රහස් සේවා ප්‍රකාශක Anthony Guglielmi සඳහන් කර ඇත්තේ ගිනි නිවන ඒකකය ඉක්මනින් කැඳවූ අතර එම ද්‍රව්‍ය අනතුරුදායක නොවන බවට සොයා ගත් බවයි.

ඔහු මූලික පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳව තහවුරු නොකළ අතර, එම ද්‍රව්‍ය අතිරේක පරීක්ෂණ සඳහා යවා ඇති බවත්, එම ද්‍රව්‍යය ධවල මන්දිරයට ඇතුළු වූයේ කෙසේද යන්න ඇතුළුව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත් සඳහන් කරනවා

Share This