
සැත්කම් කල් යවන “හෙපටයිටිස් බී” එන්නත් හිඟය
කහ උණ රෝගීන් සඳහා ලබාදෙන “හෙපටයිටිස් බී” එන්නත රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලද නොමැති වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම වසර මුල සිටම “හෙපටයිටිස් බී” එන්නත වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති වීම නිසා රෝහල් වෙත බෙදාහැරීම නතරවී තිබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඇතැම් ශල්‍යකර්ම සිදුකිරීමට පෙර “හෙපටයිටිස් බී” එන්නත ලබාගත යුතු අතර එම එන්නත් හිඟය හේතුවෙන් සැත්කම් සිදුකිරීම කල්යාමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
ඇස් කහ වීම, උදරයේ ආබාධ, වමනය, කෑම අරුචිය හා උණ රෝගය වැළඳීම හෙපටයිටිස් රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.