
සිංගප්පූරු කෝටිපතියෙක් එරට හිටපු ප්‍රවාහන ඇමතිට සංග්‍රහ කළ බවට අධිකරණයේදී වරද පිළිගනී
සිංගප්පූරුවේ පදිංචි කෝටිපති හෝටල් හිමියෙකු පසුගිය වසරේ රට කම්පනයට පත් කළ දුර්ලභ දූෂණ වංචාවකට සම්බන්ධ චෝදනාවකට වරද පිළිගෙන තිබෙනවා.
මාධ්‍ය වාර්තා කළේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන අතරතුර එරට හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන්ට සාක්ෂි වසන් කිරීමට උදව් කිරීමෙන් යුක්තියට බාධා කිරීමට අනුබල දුන් බවට ඔන්ග් බෙන්ග් සෙන්ග් නමැති මෙම ව්‍යාපාරිකයා පිළිගෙන ඇති බවයි.
නිල ව්‍යාපාර කටයුතුවල නියැලී සිටියදී ඔන්ග්, ඊශ්වරන්ට පෞද්ගලික ජෙට් සවාරියක් ඇතුළුව සියලු වියදම් සහිත සංචාරයක් ඇතුළුව මිල අධික තෑගි ලබා දුන් බව අනාවරණය කර තිබෙනවා.
සිංගප්පූරුවේ ඇමතිවරුන්ට තෑග්ගේ වෙළඳපල වටිනාකම රජයට නොගෙවන්නේ නම් තෑගි තබා ගත නොහැකි අතර, ඔවුන් ව්‍යාපාරික ගනුදෙනු කරන පුද්ගලයින්ගෙන් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රකාශ කළ යුතු බවට නීතියක් පවතිනවා.