සිංගප්පූරු ගුවන් සේවය වන්දි ගෙවන්න සැරසෙයි

සිංගප්පූරු ගුවන් සේවය වන්දි ගෙවන්න සැරසෙයි

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක පසුගියදා ඇති වූ කැළඹිලි ස්වභාවය හේතුවෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීමට එම සමාගම ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව තුවාල ලැබූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 10,000ක් ගෙවීමට සිංගප්පූරු ගුවන් සමාගම එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූවන්ට අමෙරිකානු ඩොලර් 25,000ක අත්තිකාරම් ගෙවීමක් සහ ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ද එම ගුවන් සමාගම එකඟතාව පළ කර තිබෙනවා.

මීට අමතරව මෙම සිදුවීම හේතුවෙන් කිසිඳු තුවාලයක් සිදු නොවූ පුද්ගලයින් ඇතුළු සියලු මගීන්ට සම්පූර්ණ ගාස්තු ආපසු ලබාදීමට එම ගුවන් සමාගම එකඟතාව පළ කර ඇති බව සඳහන්.

අදාළ යානය කැළඹිලි ස්වභාවයට මුහුණ දෙන අවස්ථාවේ දී එහි මගීන් 211 දෙනෙකු සහ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු පමණ සිටියා.

පසුගියදා සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් මියන්මාරයට ඉහළ අහසේ ගමන් කිරීමේ දී කැළඹිලි තත්ත්වයකට පත් වූ අතර එහිදී එක් මගියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව ගුවන් යානයක සිටියදී මගීන්ට සිදුවන තුවාල වීම් සහ මිය යෑම් සඳහා අදාළ ගුවන් සමාගම් විසින් වන්දි පිරිනැමිය යුතු වනවා.

Share This