සිංහයන් යළි පරදී – බංග්ලාදේශයට ජය –

සිංහයන් යළි පරදී – බංග්ලාදේශයට ජය –

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති 38 වැනි තරගය කඩුලු 03කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 279 පමණයි

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 108ක් රැස් කළා

ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එක් වුණා

එමෙන්ම පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වුණා

ලකුණු 280ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 41 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 07 පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This