
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග අද (06) පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 273ක් ලබා ගැනීමට සමත් වුණා
ඒ කඩුලු 09ක් දැවී සිටියදීයි
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා හිමිවන ඉලක්කය ලකුණු 274ක්
පන්දුවට පහර දීමේදී ශ්රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා
එමෙන්ම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අවිශ්ක ප්රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර, නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 46ක් ලබා ගත්තා
සධීර සමරවික්රම පන්දු 31කදී ලකුණු 41ක් ලබා ගත්තා
