සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

එළඹෙන වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 6,8 සහ 11 යන දිනවල පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This