සිම්බාබ්වේ මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නිරත වූ 40ක් අත්අඩංගුවට

සිම්බාබ්වේ මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නිරත වූ 40ක් අත්අඩංගුවට

ලබන සතියේ පැවැත්වෙන මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නිරත වූ විපක්ෂයේ සාමාජිකයින් 40 දෙනෙකු සිම්බාබ්වේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔවුන් එරට අගනුවර වන Harare හි උපනගරය වන Glenviewවල රඳවා තබා ගෙන ඇති බවද සඳහන් වනවා

Citizens Coalition for Change (CCC) පක්ෂයේ ප්‍රකාශක Fadzayi Mahere පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් අය අතර පක්ෂයේ මන්ත්‍රී අපේක්ෂක Gladmore Hakata ද සිටින බවයි.

වාහන පෙළපාළියක් පවත්වා, ගමනාගමනයට බාධා කරමින් පාරේ පක්ෂ සටන් පාඨ කියමින් හැසිරුණ බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

ප්‍රදේශවාසීන් විසින් මේ බව දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වනවා

පසුගිය මාසයේදී විපක්ෂය සිම්බාබ්වේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ රැලි කඩාකප්පල් කිරීමට පොලිසිය යොදා ගැනීමට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව ජුලි 9 වෙනිදා සිට පොලිසිය එහි රැස්වීම් කිහිපයක් තහනම් කර තිබෙනවා

පසුගිය වසරේ ජනවාරි මාසයේ පක්ෂය පිහිටුවා ගත් දා සිට රැස්වීම් 100 කට ආසන්න සංඛ්‍යාවක් තහනම් කර ඇති බවයි Citizens Coalition for Change පක්ෂය සඳහන් කරන්නේ

ජනාධිපති Emmerson Mnangagwa සහ Citizens Coalition for Change හි නායක Nelson Chamisa මැතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂකයෝ ලෙස තරගවදින බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This