සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති වර්ෂාවෙන් ළමුන් 5ක් මරුට

සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති වර්ෂාවෙන් ළමුන් 5ක් මරුට

සිම්බාබ්වේ රාජ්‍යයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් හතර දෙනෙකු ඇතුළු ළමුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන්ගෙන් හතර දෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබුණේ තම මව සමග නැගෙනහිර මැනිකලන්ඩ් පළාතේ පැල්පතක නිදා සිටියදීයි .

මවට ඉන් හානියක් සිදුවී නැහැ .

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිම්බාබ්වේ හි නිවාස සහ ප්‍රධාන යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති බවද සඳහන්

මධ්‍යම මිඩ්ලන්ඩ්ස් පළාතේ ගොක්වේ නෝර්ත් ගම්මානයක නිවාස 17කට වැඩි ප්‍රමාණයකට ගංවතුරෙන් හානි සිදුව ඇති අතර මිය ගිය අනෙක් දරුවාගේ හිස තුවාල වීමෙන් පසු මිය ගොස් තිබෙනවා .

එම ගමේම තවත් දරුවන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Share This