සියම් දහම් පාද යාත්‍රාව තෙවැනි දිනටත් වීථි සංචාරය
ස්වර්ණ වර්ණ පොසොන් සමරුම

සියම් දහම් පාද යාත්‍රාව තෙවැනි දිනටත් වීථි සංචාරය

ස්වර්ණ වර්ණ පොසොන් සමරුම සහ සියම් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි හැත්තෑ වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරෙන සියම් දහම් පාද යාත්‍රාව අද (12) තෙවැනි දිනටත් වීථි සංචාරය ආරම්භ කළා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

සිරිලක බෞද්ධ බැතිමතුන් කෙරෙහි ආගමික ප්‍රබෝධයක් ඇති කරලීමටත්, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සැදැහැති ජනයා උදෙසා අප්‍රමාණ කුසල් සම්භාරයක් රැස් කර ගැනීමේ මහාර්ඝ අවස්ථාව උදාකරලීමටත්, සුපේශල ශික්ෂාකාමී වූ තායි භික්‍ෂුන් වහන්සේ වැදපුදා ගැනීමේ විරල වූ පින්කමක අසිරියත්, මෙරට ජනතාවට ළඟා කර දීමේ අවස්ථාව සලසන ”සියම් දහම් පාද යාත්‍රා 2025 උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ යෙදුණු කතරගම කිරිවෙහෙර පුදබිමෙන් ගමන් ආරම්භ කළා.

සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට ඉවහල් වන මෙකී සුපින්කම තෙවැනි දිනට අද උදෑසන වැලිගත්ත හම්බන්තොට ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයෙන් මෙලෙස ගමන් ආරම්භ කෙරුණා.

එලෙස ගමන් ඇරඹි සියම් දහම් පාද යාත්‍රාව අද පස්වරුවේ අද දිනට ගමනාන්තය වන හම්බන්තොට නිම්භාරාම විහාරය වෙත පැමිණෙනු ඇති.

එකී මාවතේ සමාධි සිත් පෙරදැරිව වැඩමවන උතුම් මහා සංඝරුවනට දන් පැන් ගිලන්පස පූජා කරමින් ප්‍රතිපත්ති පූජාවේ අනුසස් ලබන්නටත්, සාධුකාර දී ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නට සැදැහැති ඔබ සැමට බැතිබර අරාධනා.

Share This