සිය මංගල මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රියංකා

සිය මංගල මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රියංකා

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි සිය පළමු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

ඒ සිය ආධාරකරුවන්ගේ දශක ගණනාවක අපේක්ෂාව අවසන් කරමින්.

ප්‍රියංකා ගාන්ධි ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ දේශපාලන රාජවංශය වන නේරු-ගාන්ධි පවුලෙන් පැවත එන්නෙකු වන අතර ඇයගේ මැතිවරණ මංගල්‍යය සමීපව නිරීක්ෂණය කරනු ඇති බව සඳහන්.

ගාන්ධි පවුලේ සාමාජිකයන් තිදෙනාම ඉන්දීය පාර්ලිමේන්තුවේ සිටීම ඇය මේ වන විටත් ලැබූ ජයග්‍රහණයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රියංකා ගාන්ධිගේ මව, කොන්ග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනිය වන සෝනියා ගාන්ධි, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියක් බව සඳහන්.

Share This