සිරගතව සිටි තායි ක්‍රියාකාරිනියක් උපවාසයකින් පසු මරුට

සිරගතව සිටි තායි ක්‍රියාකාරිනියක් උපවාසයකින් පසු මරුට

රටේ රාජාණ්ඩුවට අපහාස කළ බවට චෝදනා එල්ල වූ තායි ක්‍රියාකාරිනියක් මාස ​​ගණනාවක් තිස්සේ සිදුකළ උපවාසයකින් පසු රැඳවුම් භාරයේ සිටියදී මිය ගොස් තිබෙනවා.

Sanesangkhom නමැති ඇය අද(14) උදෑසන හුස්ම නතර වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුඩා ප්‍රජාතන්ත්‍රවාදී ගැති කණ්ඩායමක සාමාජිකයෙකු වන 28 හැවිරිදි ඇය, රාජාණ්ඩුවට අපහාස කිරීමේ චෝදනා දෙකක් ඇතුළුව චෝදනා හතකට මුහුණ දෙමින් ජනවාරි 26 සිට රඳවාගෙන සිටි බවයි වාර්තා වන්නේ.

ජනවාරි 27 වනදා සිට සිය උපවාසය ආරම්භ කළ අතර ජලය විතරක් ලබාගත් බව සඳහන්.

Sanesangkhom තරුණිය තායිලන්තයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This