සිරවී සිටින දරුවෙකු බේරා ගැනීමට වියට්නාමයේ මෙහෙයුමක්

සිරවී සිටින දරුවෙකු බේරා ගැනීමට වියට්නාමයේ මෙහෙයුමක්

දින තුනක් තිස්සේ පතුළක සිරවී සිටින 10 හැවිරිදි වියට්නාම පිරිමි ළමයෙකු බේරා ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දකුණු වියට්නාමයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර පරණ යකඩ සොයමින් සිටියදී මෙම දරුවා සෙන්ටිමීටර 25 (අඟල් 12) පළල පතුළකට වැටී ඇති බවයි පැවසෙන්නේ

සොල්දාදුවන් සහ ඉංජිනේරු විශේෂඥයන් විසින් දරුවා සොයා ගැනීම සඳහා මඩ සහ ජලය ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අනතුර සිදු වූ Dong Thap පළාතේ ප්‍රාදේශීය නිලධාරියෙකු වන Doan Tan Buu පවසා තිබෙන්නේ දරුවා ජීවතුන් අතර සිටීමේ බලාපොරොත්තුව සීමිත බවයි

සෙබළුන් සහ වෘත්තීය විශේෂඥයින් 100ක් පමණ දරුවා බේරා ගැනීම සඳහා එම ස්ථානයේ යොදවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දින ගණනක් දරුවා සිරවී සිටින නිසා ඔහු ජීවතුන් අතර සිටී දැයි පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This