සිව්වන දිනටත් ග්‍රීසියේ ලැව්ගිනි පැතිරේ – රෝහලක සිටි රෝගීන්ද ඉවත් කෙරේ

සිව්වන දිනටත් ග්‍රීසියේ ලැව්ගිනි පැතිරේ – රෝහලක සිටි රෝගීන්ද ඉවත් කෙරේ

ඊසානදිග ග්‍රීසියේ Alexandroupolis නගරය ආසන්නයේ සිව්වන දිනටත් ලැව්ගිනි පාලනය කළ නොහැකි වීම හේතුවෙන් රෝහලක සිටි රෝගීන් බොහෝ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනිදැල් රෝහල් භූමියට ළඟාවනවිට ඉන් ඉවත් කරන ලද බොහෝ දෙනෙක් අසල වරායේ තොටුපළකට ගෙන ගිය බවයි පැවසෙන්නේ

ගෙන ගිය අය අතර අලුත උපන් බිළිඳුන් සහ දැඩි සත්කාර රෝගීන් ද සිටි බවත් ගිනිදැල් හේතුවෙන් රෝහලේ ඔක්සිජන් බෝතල් පුපුරා ගිය බවත් වාර්තා වනවා

ගම්මාන කිහිපයක වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර මධ්‍යම ග්‍රීසියේ Evia දූපතේ සහ Boeotia හි ලැව් ගිනි පැතිරෙමින් තිබෙන බව සඳහන්

ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු දැනටමත් මිය ගොස් තිබෙනවා

ප්‍රංශය, සයිප්‍රසය සහ රුමේනියාව ග්‍රීක ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This