සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවායට කොන්දේසි

සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවායට කොන්දේසි

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පාසල් සිසුවියන් සඳහා සනීප ආරක්ෂක තුවාල නොමිලේ ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙසේ නොමිලේ ලබාදෙන සනිපාරක්ෂක තුවා මිලදී ගත හැක්කේ පාසල් වෙත පැමිණෙන වෙළඳායතන නියෝජිතයන් මගින් පමණක් බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම ආයතන හතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති එස්.එල්.එස් -1732/2022 සහතිකය ලද වෙළෙඳායතන බව එම අමාත්‍යාංශ පවසයි.

තවද එම ආයතන පාසලටම පැමිණ සිසුවියන් සඳහා මෙම සනීපාරක්ෂක තුවා ලබා දෙන අතර වෙනත් කිසිදු ආයතනයකින් සනීප ආරක්ෂක තුවා නොමිලේ ලබාගත නොහැකි බව එම අමාත්‍යංශය පවසයි.

Share This