සිසු සැරිය බස් රථය “දුව” ගන්න ගේ ළඟ නැවැත්තුවේ නැතිවාට දෙමව්පියෝ කෝප වී රියදුරුට පහර දීලා (VIDEO)

සිසු සැරිය බස් රථය “දුව” ගන්න ගේ ළඟ නැවැත්තුවේ නැතිවාට දෙමව්පියෝ කෝප වී රියදුරුට පහර දීලා (VIDEO)

පාසල් ළමුන් ප්‍රවාහනය කරන පොළොන්නරුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක්, හිඟුරක්ගොඩ සිරිකත සිට හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක් වෙත මෙම බස් රථයෙන් සිසු දරු දැරියන් ප්‍රවාහනය කරන අතර හිඟුරක්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවක් තම නිවස අසලින් බස් රථයට නංවා නොගැනීම මත පුද්ගලයකු සහ කාන්තාවක එම රියදුරුවරයාට පහර දී තිබෙනවා.

රියදුරු මහතගෙන් කළ විමසීමකද ඔහු සඳහන් කර සිටියේ සිසු සැරිය බස් රථවලට ළමුන් නංවා ගැනීමට නියමිත ස්ථානයක් ඇති බවයි.

නිවාස ඉදිරිපිට නවත්වා සෑම සිසුවෙක්ම ගැනීමට නොහැකි තත්ත්වයක් නිසා ළඟම තියෙන බස් නැවතුම්පල අසලට මෙම ශිෂ්‍යාවට යාමට කීප අවස්ථාවක්ම දන්වා ඇති නමුත් එසේ නොකිරීම මත ඇයව නංවා ගැනීම නොකළ බව බස් රථයේ රියදුරුවරයා සදහන් කළා.

එයට උරණ වූ දෙමව්පියන් රියදුරු මහතාට එම සිසුවියගේ මව සහ පියා හිඟුරක්ගොඩ බස් නැවතුමට පැමිණ බස් රථය නැවැත්වූ අවස්ථාවේදී බහින්බස්වී පහර දෙන ආකාරය එහි සිටි පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.

මෙම බස් රථයේ රියදුරා උදෑසන කාලයේ තමාගේ දරුවන්ට එම ස්ථානයෙන් බස් රථයට නංවා නොගැනීම මත දෙමව්පියන් එම බස් රථ රියැදුරා සොයා හිඟුරක්ගොඩ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේ කරුණු විමසීමේදී රියදුරුවරයා දෙමව්පියන්ට පහරදීමට උත්සාහ කළ බව පවසමින් ඔහු අසල තිබුණු පොල්ලක් දෙමව්පියන් රැගෙන රියදුරාට පහර දෙන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

පහර කෑමට ලක් වූ රියදුරුවරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතරින් ඊයේ දිනයේ ඔහු රෝහලින් ටිකට් කපා නැවත පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව හිඟුරක්ගොඩ ‍පොලිසියට පැමිණිළි කර ඇති අතර පොළොන්නරුව ඩිපෝව සහ හිඟුරක්ගොඩ ‍පොලිසිය එක්ව පරීක්ෂණ කටයුතු සිදු කරන බව සඳහන්.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 27 වැනිදා වන අතර සිද්ධියට සම්බන්ධ දෙමව්පියන් හිඟුරක්ගොඩ පොලිසිය කැඳවා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

 

Share This