
සීගිරියේ සංවේදී කලාපය සංරක්ෂණය සහ සංවර්ධන කිරීම පිළිබඳ රජයේ අවධානය
දෙස් විදෙස් සංචාරකයින්ගේ වෙසෙස් සම්භාවනාවට සහ අවධානයට ලක් වූ ලෝක උරුම සීගිරියේ සංවේදී කලාපය සංරක්ෂණය සහ සංවර්ධන කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,මධ්‍යම සංස්කෘතික අරමුදල,ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින් සැඳුම්ලත් අන්තර් ආයතනික කමිටුව මගින් සීගිරි උරුමය සුරැකීමේ නිර්දේශ ඇතුලත් වාර්තාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා වෙත ඊයේ (27) දා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ දී භාරදෙනු ලැබිණි.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ සිගිරි පර්වතයේ සිට මීටර් 200 – 400 කලාපය ඉතා සංවේදී කලාපයක් වන බැවින් මෙම කලාපය ඇතුළත ජිවත්වන ජනතාව සමඟ සාකච්ජා කොට ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට සහ වාසස්ථාන සඳහා විකල්ප ලබා දෙමින් ඔවුන් එම ස්ථානවලින් ඉවත් කර ගැනීම,හා පුරාව්ද්යා ස්ථාන සංරක්ෂණය කරමින් සංවර්ධර්ය කළ හැක්කේ කෙසේද යන්න මෙහිදී සළකා බලන බවයි.
සැලැස්මක් සමඟ සීගිරි චිත්‍ර,පර්වතය,කුරුටු ගී මෙන්ම සීගිරිය අවට කිලෝ මීටර් 6 -7 පමණ වන හරිත භූ දර්ශණය රැකගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.