සීසන් එකෙන් නිවාඩු දිනවලදීත් ගමන් කිරීමට අවසර

සීසන් එකෙන් නිවාඩු දිනවලදීත් ගමන් කිරීමට අවසර

පාසල් සිසුන්,කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් හට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා,ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හී ද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.

මේ පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇති බව සඳහන්.

නිවාඩු දිනවලදී සිදු කරනු ලබන ගමන් වාරවලදී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත්වන බවට ලැබී ඇති පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් එම අපහසුතාවයන් හට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිසුන් විසින් මාසය සඳහා ලබා ගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මාසයේ සෑම දිනකම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු වහාම සිදුකරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගමනාගමන මණ්ඩල සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Share This