සී.අයි.ඩි. යට පැමිණි ගම්මන්පිල බහාළුම් 323 ක ලයිස්තුව ප්‍රසිද්ධ කරයි!
කරුණු නැත්නම් හෙළි කරන්නෙ නෑ.

සී.අයි.ඩි. යට පැමිණි ගම්මන්පිල බහාළුම් 323 ක ලයිස්තුව ප්‍රසිද්ධ කරයි!

අද දිනයේ විවාදයට ලක්ව ඇති කන්ටේනර් බහාළුම් 323 ලයිස්තුව තමන් ප්‍රසිද්ධ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවා.

අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා.

ප්‍රශ්නගත බහාළුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාලව ප්‍රකාශක් ලබාදීම සදහා සදහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේ මෙතෙක් තමන් හෙළිදරව් කළ කරුණු කිසිවක් ආණ්ඩුව පතික්ෂේප කර නැති බවත්, කරුණු නොමැති නම් තමන් හෙළි නොකරන බවටත් පැවසීය. ඔහු පවසන්නේ මෙම බහාළුම් මුදාහැරීමේ සිද්ධියේ නිලධාරීන් පිරිසක් රටින් පැනයාමේ සූදානමක් ඇති බවත් , ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්‍ර අත්හිටුවන ලෙසත් ඉල්ලීමක් කරන බවයි.

මෙම සිද්ධියට අදාලව නීතිඥයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

 

Share This