සුඩානයේ ගැටුම් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ හදිසි සැසියක්

සුඩානයේ ගැටුම් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ හදිසි සැසියක්

සුඩානයේ පවතින ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (11) ජිනීවාහිදී හදිසි සැසියක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිවිල් වැසියන්ට පහරදීම්, රෝහල් කොල්ලකෑම් ඇතුළු මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර ඔවුන්ට ආරක්ෂිතව වැඩ කළ නොහැකි තත්ත්වයක් පවතින බවද වාර්තා වනවා

දැනට පවතින සටන් විරාම සාකච්ඡා අනතුරේ හෙළනු ඇතැයි යන බියෙන් සුඩානය ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක් මෙම රැස්වීම පැවැත්වීම ගැන අප්‍රසාදය පළ කර තිබෙනවා

බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ජර්මනිය සහ නෝර්වේ විසින් මෙම සැසිය කැඳවා ඇති බවයි සඳහන් වන්නේ

Share This