සුඩානයේ වෙළඳපොළකට එල්ලවූ ප්‍රහාරයකින් 35ක් මරුට

සුඩානයේ වෙළඳපොළකට එල්ලවූ ප්‍රහාරයකින් 35ක් මරුට

සුඩානයේ අගනුවරවන කාර්ටූම් හි ජනාකීර්ණ වෙළඳපොළකට ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වෛද්‍ය පුණ්‍යායතනයක් වන Médecins Sans Frontières (MSF) එය සංහාරයක් ලෙස හඳුන්වා ඇති අතර, ප්‍රහාරයෙන් 60 දෙනෙකුට වැඩි පිරිසක් ද තුවාල ලබා ඇති බවයි පවසන්නේ

ප්‍රදේශවාසීන් පවසන්නේ දකුණු කාර්ටූම් හි කුරෝ වෙළඳපොළට හමුදා ගුවන් යානයකින් බෝම්බ හෙලූ බවයි.

සුඩානයේ පසුගිය අප්‍රේල් මාසයේදී යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මිලියන පහකට පමණ මිනිසුන්ට තම නිවෙස්වලින් පලා යාමට සිදුවුණු අතර දහස් ගණනකට ජිවිත අහිමිවී තිබෙනවා

ගැටුමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ කාර්ටූම් සහ ඩාර්ෆූර් හි බටහිර කලාපයයි.

එක්සත් ජනපදය, සෞදි අරාබිය සහ අනෙකුත් රටවල් ගැටුම අවසන් කිරීමට මැදිහත් වීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This