සුඩානයේ සාකච්ඡා සඳහා දෙපාර්ශ්වය තම නියෝජිතයන් නම් කරයි

සුඩානයේ සාකච්ඡා සඳහා දෙපාර්ශ්වය තම නියෝජිතයන් නම් කරයි

සුඩානයේ සටන්කාමී ප්‍රතිවාදීන් සාකච්ඡා සඳහා නියෝජිතයින් යැවීමට එකඟ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත Volker Perthes පවසා තිබෙනවා

මෙම සාකච්ඡා ජාතික හා ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් නිරීක්ෂණය කරනු ලබන අතර ස්ථාවර සහ විශ්වාසදායක සටන් විරාමයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සඳහන් කරනවා

මූලික සාකච්ඡා සඳහා දෙපාර්ශ්වය දැනටමත් තම නියෝජිතයන් නම් කර ඇති නමුත් සාකච්ඡා සඳහා අවශ්‍ය සැපයුම් තවමත් සකස් වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

සාකච්ඡා පැවැත්විය යුතු දිනය සහ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති නමුත් එම ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්වශ්යම එකඟ විය යුතු බවද එක්සත් ජාතීන්ගේ නිලධාරියා පවසනවා.

සටන් විරාමය තවත් දින තුනකට දීර්ඝ කර තිබියදීත්, කාර්ටූම් අගනුවර දෙපාර්ශවය අතර ගැටුම් හට ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This