
සුදුසුකම් ලැබීමේ අවසන් තරගය අද – දිමුත් එළියට ?
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද(09) පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.
දහවල් 12.30ට තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ සිම්බාබ්වේ – හරාරේ නුවරදීයි.
මේ අතර ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ඊට සහභාගී වීමට අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ ඔහුගේ පාදයේ මතු වූ ආබාධයක් හේතුවෙන්.
දිමුත් වෙනුවට ධනංජය සිල්වා මෙම තරගයට මුහුණ දීමට නියමිත අතර ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
