සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17යි (වීඩියෝ)
2004 වසරේ දෙසැම්බර් 26 වනදා ලොව රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17ක් සපිරෙනවා.
ඒ අනුව සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට මිනිත්තු දෙකක කාලයක නිශ්ශබ්දතාවයක් රකින ලෙසටයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න ගැඹුරු මුහුදේ හටගත් ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි රළ රටවල් රැසකට කඩා වැදුණා.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 9.0ක් ලෙසට පසුව අනාවරණ කෙරුණා.
මෙම සුනාමි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් රැසකින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 228,000කට ආසන්නයි.
සුනාමි ව්‍යසනයෙන් මෙරටින් වාර්තා වූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35000කට ආසන්න වනවා.