“සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් -පරීක්ෂණ ඇරඹේ

“සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් -පරීක්ෂණ ඇරඹේ

අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ” සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා .

මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කරනවා

පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසනවා

එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This