සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට මරණ තර්ජන  – වෙළඳසැලකටත් වෙඩි

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට මරණ තර්ජන – වෙළඳසැලකටත් වෙඩි

ලොව අංක 1 පාපන්දු ක්‍රීඩක Lionel Messi හට මරණ තර්ජනයක් එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Messi ගේ බිරිඳ වන Antonella Roccuzzoගේ මවට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විවින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් විසින් වෙළෙඳසැලේ ඉදිරිපස දොරෙහි සටහනක් තබා ගොස් තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිමු. Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන්.

කෙසේවෙතත් අදාල වෙඩි ප්‍රහාරයෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර ප්‍රචණ්ඩත්වය සහ සංවිධානාත්මක අපරාධ සිද්ධීන් රට තුළ නිර්මාණය වීම බරපතල ගැටළුවක් බවයි.

කෙසේවෙතත් Lionel Messi මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෙම වෙඩි ප්‍රහාරයට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This