
සූකර උණ රෝගය පැතිරෙන නිසා අති විශේෂ ගැසට් නිවේදනයකින් ලංකාවම අවදානම් කලාපයක් කරයි
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක එම පනතේ� කාාර්යය සඳහාා අප්‍රිකානු සූකර උණ රෝගය (ASF) සඳහා අවදාානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදාානම් සතුන් ලෙස ද, ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1992න් අංක 52 දරණ සත්ව රෝග පනතට අනුව සංස්පර්ශක රෝගයක් වන අප්‍රිකානු සූකර උණ රෝගය පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාව තුල විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පැතිරී ගිය බැවින් එය අධි ව්‍යාධිජනක වෛරසයක් වන බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අති විශේෂ ගැසට් නිවේදනයකින් දැනුම් දෙනවා.
මෙම නියමය ගැසට් පත්‍රය පළ කානුලබන දිනයේ සිට කලින් ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5 (3) වගන්තිය අනුව වලංගු කාලය දීර්ඝ කළහොත් මිස ක්‍රියාත්මක වන දින සිට මාස 03 කට නොවැඩි කාලයක් සඳහා වලංගු වන බව ද ගැසට් නිවේදනයේ දැක් වෙනවා.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යකෂ ජනරාල් මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් දක්වන්නේ ඇතිවී තිබෙන අප්‍රිකානු සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශ සීමා කිරීම සඳහා හා පැතිරීමට ඇති ඉඩ වැළැක්වීම සඳහා පහත දැක්වෙන ක්‍රියා තහන්ම් කර තිබෙනවා.
සියලු අවදානම් සහිත ඌරන්,ඌරු මස් එම නිෂ්පාදන හෝ රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක් කොට්ඨාශ බාර පශූ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් ප්‍රදේශ හෝ ඉන් පිටත ප්‍රවාහනය කිරීම,ඉවත් කිරීම හෝ රැගෙන යාම හෝ පළවා හැරීම තහනම් වනවා.
අදාල තිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් නොමැතිව ඌරන් මස් පිනිස ඝාතනය ද තහනම් කර තිබෙනවා.
අදාල ගැසට් නිවේදනයට අනුව දැක්වෙන්නේ බලය ලත් නිලධාරියකුගේ අවසර පත්ර්යක් නොමැතිව ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක මගින් අපවිත්‍ර වූ කිසිවක් විකිනීම,විකිනීමට පාත්‍ර කිරීම ගබඩා කිරීම හෝ බෙදාහැරීම , ඌරු මස් වලින් නිෂ්පාදන සකස් කිරීම තහනම් බවයි.
එමෙන්ම දැනට මස් නිෂ්පාදන කටයුතු කිරීමට අදාලව ද නිර්නායක අදාල අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත්.
අභිජනන ගොවිපල සත්ත්ව නි ෂ්පාදන හා සෞඛ්‍යය දෙෙපාර්තමේන්තුවේ සත්ත්ව අභිජනන අංශයේ ලියාපදිංංචි අභිජනන ගොවිපලක් විය යුතු වනවා.
මීට අමතරව එහි දැක් වෙන්නේ සතුන් තර කිරීම, අභිජනනය කිරීම, අලෙවි කිරීම හා ඝාතනය කිරීමේ�දී එම සතුන් මෙම රෝගය සඳහා ආසාදිත නොවන
බවට බලයලත් නිලධාරියකු විසින් පරීක්ෂාවකින් තහවුරු කර ගත යුතු බවයි.
මිලදී ගන්නා/ ලබා ගන්නා ලද / ඝාාතනය කරන / සතුන්ගේ ප්‍රවාාහනය සඳහා ලබාදුන් සත්ත්ව සෞඛ්‍යය සහතිකවල පිටපතක් සෑමවිටම ගොවිපළ/ ඝාාතකාගාරය තුළ තබා ගත යුතු වන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන්.
ආසාාදනය වූ ගොවිපල තුළට සතුන් ඇතුල් කිරීමට ද නිර්දේශ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
එහි දැක් වෙන්නේ සතුන් අලුතින් ඇතුල් කර නැවත ගොවිපල ආරම්භ කිරීමට පෙර කොට්ඨාශ භාර පශු වෛද්‍ය නිලධාරි වෙතින් මේ සඳහා අනුමැතියක් ලබාගත යුතු වන බවයි.
අපේක්ෂිත ගොවිපල මනා ලෙස විෂබීජහරණය වී ඇති බවටත්, ජෛව ආරක්ෂණ ක්‍රමවේද ලබා දී ඇති මාර්ගෝපදේශයන් අනුව පවත්වාගෙන යන බවටත් කොට්ඨාසය භාර පශු වෛද්‍ය නිලධාරිවරයා ලවා තහවුරු කරගත යුතු වනවා.
මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 03 වැනිදා සිටයි.