
සූර්ය පැනල විසන්ධි කිරීම ගැන ලංවිමෙන් නිවේදනයක්
නිවාසවල වහලය මත සවිකර ඇති සුර්ය පැනල අක්‍රීය කිරිමේ කටයුතු කෙටි පණිවුඩයක් ලැබුණහොත් පමණක් හෙට සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම මණ්ඩලය සඳහන් කළේ, අද (16) සිට ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩයක් (SMS) මත පමණක් සුර්ය පැනල අක්‍රිය කිරීම ප්‍රමාණවත් බවයි.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරිම සහ සැපයුම කළමනාකරණය සඳහා පසුගියදා දහවල් කාලයේ සිට සවස 3 දක්වා සෑම දිනකම වහල මත සවිකර ඇති සූර්යය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට නිවේදනය කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂාකිරිමේ අරමුණින් ගත් එම තීරණයට දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බවද එහි තවදුරටත් දැක්වෙයි.