සෙල්ලම් කරමින් සිටියදී ‘ඇද වැටී මියගිය දැරියගේ’ මරණයට හේතුවත් කොවිඩ් !

සෙල්ලම් කරමින් සිටියදී ‘ඇද වැටී මියගිය දැරියගේ’ මරණයට හේතුවත් කොවිඩ් !

නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති කුඩා දැරියකට කොවිඩ් වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සඳහන් කළා.

මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ සඳහන් කළා.

“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පිට් එක හැදිලා කියලා. ළඟම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවැසුවා.”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැලඳීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.

Share This