සෙල්ලම් Furby රොබෝ ජීවියා නැවතත් කරළියට

සෙල්ලම් Furby රොබෝ ජීවියා නැවතත් කරළියට

එක්සත් ජනපද සෙල්ලම් බඩු දැවැන්තයා වන Hasbro විසින් වසර 50කට පෙර දියත් කරන විට ඉතා ජනප්‍රිය වූ Furby රොබෝ ජීවියා නැවතත් නිර්මාණය කර තිබෙනවා.

නව පරම්පරාවේ දරුවන් මේ කුතුහලය දනවන රොබෝ ජීවියාට ආකර්ෂණය වන බවට අපේක්ෂා කරන බවයි Hasbro සමගම පවසන්නේ.

නව Furby එහි හුරුපුරුදු බල්බ ඇස්, කහ හොට සහ වර්ණවත් ලොම් සහිතව නිර්මාණය කර තිබෙනවා. එය අමුතු කට හඩකින් කතා කරන අතර වැළඳගැනීම්, තට්ටු කිරීම් සහ කිති කැවීම් වලට ප්‍රතිචාර දක්වනවා.

සෙල්ලම් බඩු කර්මාන්තය මන්දගාමී ඉල්ලුමකට මුහුණ දී සිටින බැවින් මෙය නැවතත් නිර්මාණය කර තිබෙනවා.

මෙම සෙල්ලම් බඩුව දියත් කිරීමෙන් පසු පළමු වසර තුන තුළ ඒවායින් මිලියන 40 කට වඩා අලෙවි වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share This