සෙවනගල ලංකා සීනි සමාගම වසා දැමීමේ අවදානමක් ගැන ගොවියන් අතර බියක්

සෙවනගල ලංකා සීනි සමාගම වසා දැමීමේ අවදානමක් ගැන ගොවියන් අතර බියක්

සෙවනගල ලංකා සීනි සමාගම වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව උක් ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ උක් නෙලීම සිදුකරන ගොවීන්ට සහ ප්‍රවාහනය කරන ට්‍රක්ටර් රථ රියදුරන්ට මුදල් ගෙවා නොමැති පසුබිමක මතුව ඇති මෙම අවදානම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි.

1986 වසරේ ලංකා සීනි සමාගමට අනුබද්ධව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ මෙරට සීනි අවශ්‍යතාව 100%ක් දේශීයව සපුරා ගැනීමේ අරමුණින්.

නමුත් අක්‍රමවත් පරිපාලනය සහ කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අවස්ථා රැසකදී විවිධ ගැටලුවලට මුහුණදීම හේතුවෙන් විටින් විට නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වුණා.

මේ වනවිට සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හෙක්ටයාර 7518කට අධික ප්‍රමාණයක උක් වගා කෙරෙන අතර, උක් ගොවීන් 4000ක් පමණ ආයතනය යටතේ සේවය කරනු ලබනවා.

එම ගොවීන් චෝදනා කරන්නේ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාව හෙට (11) සිට වසා දැමීමට තීරණය කර ඇති බව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

Share This