සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් තාවකාලිකව නවතී

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් තාවකාලිකව නවතී

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් හෙට (21) සිට ලබන 23 වනදා දක්වා අත්හිටුවන බව එම අරමුදල පවසනවා.

සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සපයනු ලබන සේවාවන්හි තාවකාලික අත්හිටුවීමක් සිදුවන බව සඳහන්.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම (K අයදුම්පත්), සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම (L අයදුම්පත්), සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ ගෙවීම, AH ලියාපදිංචි කිරීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ B කාඩ්පත් සංශෝධනය කිරීම සිදුනොවනු ඇති.

එම සේවාවන් ලබා ගැනීම සඳහන් කලින් දිනයක් සහ වෙලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා නැවත සේවාව ආරම්භ කළ පසු ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවයි සේවක අර්ථසාධක අරමුදල සඳහන් කළේ.

Share This