සෝමාලියාවේදී කොල්ලකරුවන් පිරිසක් නෞකාවක් පැහැරගනී

සෝමාලියාවේදී කොල්ලකරුවන් පිරිසක් නෞකාවක් පැහැරගනී

ලයිබීරියානු ධජය සහිත ‘MV Lila Norfolk’ නෞකාව සෝමාලියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා.

වෙළෙඳ නෞකාවක් වන එහි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ නෞකාව බ්‍රසීලයේ Du Aco වරායේ සිට බහරේනය දක්වා ගමන් කරමින් සිටියදී එය කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දීය නාවික හමුදාව පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම අදාළ යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා INS Chennai ඉන්දීය යුද නෞකාව යොදවා තිබෙනවා.

Share This