සෝමාලියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

සෝමාලියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

සෝමාලියාවේ පවතින හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කලමනාකරණ ඒජන්සිය පවසනවා .

පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 850,000 කට පමණ පීඩාවට පත්ව ඇති බවයි ජාතික ආපදා කලමනාකරණ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු ඒජන්සිය විසින් ගංවතුරෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගිය බවට තහවුරු කර තිබෙනවා

මෙම සතිය මුලදී සෝමාලියාවේ වඩාත් බලපෑමට ලක් වූ Jubbaland, Hirshabelle, South West සහ Galmudug ප්‍රාන්තවල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

හදිසි ගංවතුර හේතුවෙන් අසල්වැසි කෙන්යාවේ සහ ඉතියෝපියාවේ තවත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද සඳහන් .

Share This