සෝමාලියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළට

සෝමාලියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළට

සෝමාලියාවේ පවතින ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය සඳහන් කරනවා

මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර දිස්ත්‍රික්ක 36 ක් පුරා මිලියන 2.4 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ

Hirshabelle සහ Galmudug ප්‍රාන්තවල කොලරාව සහ පාචනය පිළිබඳ සැක සහිත රෝගීන් වාර්තා වීමෙන් පසු රෝග පැතිරීමේ ඉහළ අවදානමක් ගැනද අනතුරු අඟවා තිබෙනවා

බලපෑමට ලක් වූවන්ගෙන් 30% කට පමණක් උපකාර ලැබී ඇති නමුත් සැපයුම් බෙදා හැරීමට හෝ ගංවතුරට හසුවී සිටින අය ඉවත් කිරීමට අවම වශයෙන් බෝට්ටු 37 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ

Share This