
සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොවේ, එය සමාජ අවශ්‍යතාවයක්. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවයක් බව අප මතක තබාගත යුතු බවත්, යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාවය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සියවස් සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
සියවස් සැමරුමට සමගාමී ව නිල සමරු මුද්දරයක් ද මෙම අවස්ථාවේ දී නිකුත් කෙරිණි.
මෙහිදී උත්සවය සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ දැඩි අභියෝග මධ්‍යයේ වුවත්, කොවිඩ් වසංගතය හමුවේ පවා අපගේ වෛද්‍ය සේවය පෙන්නුම් කළ කැපවීම, ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය වඩාත් තහවුරු කරන්න හේතු වූ බවයි.
අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අපගේ වෛද්‍ය අධ්‍යාපනයෙන් වඩාත් මානුෂීය, සංවේදී සහ ආචාරධාර්මයෙන් පිරුණු, වෛද්‍යවරුන් බිහි කරන්නේ කෙසේදැයි යන කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නැයි ඇය ඉල්ලා සිටියා.
මෙම උත්සව අවස්ථාවට එක් වූ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, පැවසුවේ සෞඛ්‍ය ආවරණය, ඩිජිටල්කරණය කරන ලද වෛද්‍ය සත්කාර, ජානමය වෛද්‍ය විද්‍යාව සහ දේශසීමා හරහා වෛද්‍ය සේවා සැපයීම කරා ගමන් කරන විට, ඒ පිළිබඳ නියාමනය ද ඒ සමඟම ඉදිරියට යා යුතු බවට තමන් විශ්වාස කරන බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම සංකීර්ණතාවලට මුහුණ නොදී සිටින්නේ නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.