හංගේරියාව විසින් යුක්‍රේනයට යුරෝ බිලියන 50ක මුදලක් ලබා දීම අවහිර කරයි

හංගේරියාව විසින් යුක්‍රේනයට යුරෝ බිලියන 50ක මුදලක් ලබා දීම අවහිර කරයි

හංගේරියාව විසින් යුක්‍රේනයට යුරෝ බිලියන 50ක මුදලක් ලබා දීම අවහිර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම යුක්‍රේනයට ආධාර ලබාදීම පිළිබඳ සාකච්ඡා ලබන වසර මුලදී යළි ආරම්භ කරන බවයි යුරෝපා සංගම් නායකයෝ ප්‍රකාශ කර තිබෙන්නේ

යුක්‍රේනය සහ මෝල්ඩෝවා සමග සාමාජිකත්ව සාකච්ඡා ආරම්භ කිරීමට සහ ජෝර්ජියාවට අපේක්ෂක තත්ත්වය ලබා දීමට යුරෝපා සංගම් නායකයින් තීරණය කිරීමෙන් ටික වේලාවකට පසු හංගේරියානු අගමැතිවරයා විසින් ආධාර අවහිර කිරීම නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

හංගේරියාව දිගු කලක් තිස්සේ යුක්‍රේනයේ සාමාජිකත්වයට විරුද්ධ වූ නමුත් එම පියවර නිෂේධ නොකළ බවයි පැවසෙන්නේ

ආධාර ලබාදීම සඳහා වූ හංගේරියාවේ විරුද්ධත්වය පිළිබඳව අදහස් දක්වමින් නෙදර්ලන්ත අගමැතිවරයා පවසා තිබෙන්නේ අපට තවමත් යම් කාලයක් තිබෙන් බවත් යුක්‍රේනයට ඉදිරි සති කිහිපය තුළදී මුදල් අවසන් නොවන බවත්ය

එමෙන්ම යුක්‍රේනයද ඩොලර් බිලියන 61 ක එක්සත් ජනපද ආරක්ෂක ආධාර පැකේජයක අනුමැතිය අපේක්ෂා කරමින් සිටින නමුත් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් නීති සම්පාදකයින් අතර ඇති ප්‍රධාන එකඟ නොවීම් හේතුවෙන් එම තීරණය ද ප්‍රමාද වෙමින් පවතින බවයි පැවසෙන්නේ

Share This