හජ් උත්සවය අපේ සමාජයේ සංහිඳියාව සඳහා කැප වන දිනයක් – විපක්‍ෂ නායක

හජ් උත්සවය අපේ සමාජයේ සංහිඳියාව සඳහා කැප වන දිනයක් – විපක්‍ෂ නායක

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුභ පැතුම් එක් කරමින් සදහන් කළේ මේ මොහොතේ හජ් සැමරුමේ සැබෑ අරුත ගැඹුරින් වටහා ගැනීම අතිශයින් ම වැදගත් බවයි.

සෑම ඉස්ලාම් බැතිමතෙක් ම අනිවාර්යයෙන් ඉටු කළ යුතු කාර්යයන් 05ක් ඉස්ලාමීය දහමේ පෙන්වා දී ඇති අතර ඒවා දේව විශ්වාසය, පස්විල් නැමැදුම, රාමසාන් මාසයේ උපවාසය සුරැකීම, සකාත් නම් වූ දුගී බද්ධ ගෙවීම සහ හජ් වන්දනාව ලෙස සදහන් වනවා.

ඉස්ලාමීය මෙම මඟ පෙන්වීම් පහ කෙනෙකුගේ ජීවිතය තුළ ගොඩනඟා ගත යුතු ගුණධර්ම රැසකට මඟ පෙන්වා දීමක් බවත් සාමය, සහෝදරත්වය, සහජීවනය, භක්තිය, පරිත්‍යාගය සහ ආධ්‍යාත්මික ගුණ වගාව ඒ තුළ ප්‍රධාන බවත් විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙනවා.

හජ් වන්දනාව අර්ථවත් වන්නට නම් අප කළ යුත්තේ නබි නායකතුමන් පෙන්වා දුන් ජීවන දැක්මට අනුගතව ක්‍රියා කිරීමයි.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දින සමරන හජ් උත්සවය අපේ සමාජයේ සංහිඳියාව, සාමයික සාමාග්‍රීය සඳහා කැප වන දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුභ පැතුම් එක්කරමින් සදහන් කරනවා.

Share This