හදිසි කැබිනට් රැස්වීමේ මොකද වුණේ?

හදිසි කැබිනට් රැස්වීමේ මොකද වුණේ?

අද (24) පස්වරුවේ කැඳවනු ලැබූ හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයෙකු නොමැති තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබෙනවා.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සිදු කළ යුතු වනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව හෙට පස්වරුවේ රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This