හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කල ඔටාවාහි ට්‍රක් රථ රියදුරන්ට ලැබුණු නියෝගය (VIDEO)

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කල ඔටාවාහි ට්‍රක් රථ රියදුරන්ට ලැබුණු නියෝගය (VIDEO)

ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන්  නලා නාද කරමින් පැවත්වූ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවාහි නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් ඊයේ (07) ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඒ අනුව මේ වනවිට කැනඩාවේ ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන්ට නලා නාද කිරීම නවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරමින්  නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විනිසුරු Hugh McLean  නියෝග කර ඇත්තේ ඔවුන් ඉදිරි දින 10 සඳහා නිහඬ කරන ලෙසයි.

ට්‍රක් රථ 400ත් 500ත් අතර ප්‍රමාණයක ඝෝෂාකාරී හෝන් නාදය ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට දැඩිව බලපෑම් එල්ල කළ බවයි පැවසෙන්නේ.

එක්සත් ජනපද  ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කළ යුතුය යන නීතිවලට එරෙහිව මොවුන් රථ පෙළපාලියක් මෙලෙස පවත්වනු ලබනවා.

එමෙන්ම මේ වනවිට කැනඩාවේ සමහර ප්‍රදේශවල අවන්හල්, ව්‍යායාම් ශාලා සහ බාර් වැනි ගෘහස්ථ ස්ථානවලට ඇතුළු වීමට  එන්නත් කර ඇති බව පෙන්විය යුතු බවයි පැවසෙන්නේ

Share This