
හපුතලේට අයිස් වැස්සක්
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රංජල්ලාව ගම්මානයට ඊයේ (13) සවස බලපෑ හදිසි සුළං තත්වයක් හේතුවෙන් එම ගම්මානයේ නිවාස 20 කට පමණ දැඩි හානි සිදුවී තිබෙනවා.
වර්ෂාවත් සමග විනාඩි දහයක් පමණ කැටද පතිත වූ බව ජනතාව ප්‍රකාශ කළ අතර සුළඟින් විදුලි රැහැන් වලට හා දුරකථනක රැහැන් වලට විශාල ලෙස හානි සිදුව තිබෙනවා.
එහි පැමිණි හපුතලේ ප්‍රාදේශිය ලේකම් ගයානි රණතුංග මහත්මිය වර්ෂාවෙන් හා සුළගින් හානි සිදුවූ නිවාස හා දේපල පරීක්ෂා කර ජනතාවට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇත.