
හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කරයි
පලස්තීන සටන්කාමී හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ වෙනුවට ඊශ්‍රායලය බටහිර ඉවුරේ ඔෆර් හමුදා බන්ධනාගාරයෙන් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කර ඇති බවයි
ඊශ්‍රායලය ගාසා තීරයේ මාස 15 ක යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සටන් විරාම ගිවිසුමේ තවත් අදියරක් ලෙසයි මොවුන් නිදහස් කර ඇත්තේ
එමෙන්ම පෙර භාර දුන් ප්‍රාණ ඇපකරුවන්ට වඩා මොවුන් දැඩි දුර්වල තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් කම්පනයට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්