හමාස් සංවිධානය හා පුටින් දිනවීමට ඉඩ දෙන්නේ නැහැ – අමෙරිකානු ජනපති

හමාස් සංවිධානය හා පුටින් දිනවීමට ඉඩ දෙන්නේ නැහැ – අමෙරිකානු ජනපති

හමාස් සංවිධානයට හා රුසියානු ජනාධිපති පුටින්ගේ අභිලාෂයන් සාර්ථක කරගැනීමට ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති Joe Biden පවසනවා.

Biden විසින් ඔහුගේ කාර්යාලයේදී ජාතිය අමතමින් මෙය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ කථාව යුක්‍රේනයේ සහ ඊශ්‍රායලයේ පවතින ගැටුම් අරමුණු කරගත් අතර ඔහු කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේ ජාතීන් දෙකටම ආධාර ලබා දීමට කටයුතු කරන ලෙසයි.

Biden අරමුදල් සඳහා කොපමණ මුදලක් වෙන් කළ යුතුද යන්න ප්‍රකාශ කර නොමැති නමුත් ඩොලර් බිලියන 100ක් ඒ සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම හමාස් සංවිධානය සහ රුසියානු ජනාධිපති පුටින් සෑම ජාතියකටම විවිධ වූ තර්ජන නියෝජනය කරන අතර ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අවශ්‍ය වී ඇති බව Biden පෙන්වා දුන්නා.

යුක්‍රේනයේ බලය සහ පාලනය සඳහා ඇති පුටින්ගේ ආශාව නතර නොකළහොත් ඔහු යුක්‍රේනයෙන් පමණක් සීමා නොවන බවත් ඔහු සඳහන් කරනවා.

හමාස් සංවිධානය ලෝකයට නපුර මුදා හැර ඇති බව පැවසූ Biden පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා මට ඉහළ ප්‍රමුඛතාවයක් ඔහුට නොමැති බවයි.

ඊශ්‍රායලය සහ යුක්‍රේනය සාර්ථක වීම සහතික කර ගැනීම ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය වන බවත් Biden වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This