හමුදා සාමාජිකයින් ගේ ආහාර සලාක මුදල් ලබාදීමේ වෙනසක්

හමුදා සාමාජිකයින් ගේ ආහාර සලාක මුදල් ලබාදීමේ වෙනසක්

ත්‍රිවිධ හමුදාව තුළ මෙතෙක් පැවති ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා

ඒ අනුව ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට හමුදා සාමාජිකයාගේ මාසික වේතනයට එක්කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ

Share This