
හලාවත-පුත්තලම ප්රධාන මාර්ගයේ දැදුරුඔය දී ලංගම බස් රථයක් ගසක හැපී 21 කට තුවාල
පේදුරුතුඩුව සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් හලාවත-පුත්තලම ප්රධාන මාර්ගයේ දැදුරුඔය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මගීන් 21 දෙනකු සහ රියදුරු බරපතල තුවාල ලැබුවා.
පොලිසිය පැවසුවේ තුවාලකරුවන් හලාවත මූලික රෝහලට ඇතුළත් කළ බවයි.
ප්රදේශවාසීන් විසින් රියදුරු බේරාගෙන ඇත්තේ ඉතා අපහසුවෙන්.