හවායි හි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය ගණන 36 ක් දක්වා ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය ගණන 36 ක් දක්වා ඉහළට

හවායි දූපතේ Maui ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසනවා

තද සුළං හේතුවෙන් ලැව් ගිනි ඇති වී ඇති බවත් ,ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවත් සඳහන් වනවා

දහස් ගණනක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත් වීමට දැනුම් දී ඇති අතර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර මිය ගිය සමහර පුද්ගලයින් තවමත් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ

ගිනි නිවන භටයින් තවමත් සක්‍රීය ලැව්ගිනි නිවා දැමීම සඳහා උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This