හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළට – 1000ක් පමණ අතුරුදන්

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළට – 1000ක් පමණ අතුරුදන්

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව Maui ප්‍රාන්තයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා

ආණ්ඩුකාර Josh Green පවසන්නේ දිවයිනේ බටහිර වෙරළ තීරයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක නගරයක් වන Lahaina හි 80% ක් පමණ විනාශ වී ඇති අතර ගොඩනැගිලි 1,700 ක් පමණද විනාශ වී ඇති බවයි.

සංචාරකයින් 14,000 කට වැඩි පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර 11,000 කට පමණ තවමත් විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ආපදා ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අරමුදල්ද නිකුත් කර තිබෙනවා

එරට පොලිස් ප්‍රධානියා පවසන්නේ කොපමණ සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇත්ද යන්න බලධාරීන් හරියටම නොදන්නා නමුත් ආසන්න වශයෙන් 1,000 ක් පමණ අතුරුදන් වී ඇති බවට විශ්වාස කරන බවයි

Share This